වෙනිසියුලාවේ තෙල් බැරල් බිලියන 65ක පාලනය අමෙරිකාවට

0
11

වෙනිසියුලාවේ පිහිටි තෙල් බැරල් බිලියන 65ක සංචිත පාලනය කිරීම සඳහා අමෙරිකාව සහ වෙනිසියුලාව අතර ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුමකට එළඹ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ වෙනිසියුලානු වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගුඑස් අතර සිදු වූ සාකච්ඡාවලින් පසුව එළඹි මෙම ගිවිසුම මගින් වෙනිසියුලාවේ සමස්ත තෙල් සංචිතවලින් පහෙන් එකකට සමාන තෙල් නිධි 17ක් සංවර්ධනය කිරීමට නියමිතය.

මෙමගින් වෙනිසියුලානු ඛනිජ තෙල් කර්මාන්තයට ඩොලර් බිලියන 100ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, කරාකස් පාලනයට ඩොලර් බිලියන 209කට වැඩි බදු ආදායමක් උපයා ගැනීමටත් මෙන්ම මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විශාල තෙල් සංචිත අත්පත් කර ගැනීමට අමෙරිකාවට අවස්ථාව හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here