අද සිට ගෑස් මිල පහළ යන හැටි

0
108
NEWSNOW | – අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා ඇති බව සභාපති මුදිත පීරිස් පවසයි.
ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර රු. 3790ක් පැව්ති එහි නව මිල රු. 3690ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් පහළ දමා ඇති අතර රු. 1522ක්ව පැවති එහි නව මිල රු. 1482ක්.
කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් පහළ දමා ඇති අතර රු. 712ක්ව පැවති එහි නව මිල රු. 694ක් වේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here