අධික උණුසුම නිසා හජ් බැතිමතුන්ගෙන් 1301 දෙනෙක් මිය ගිහින්

0
116
NEWSNOW | – පැවති අධික උෂ්ණත්වය හේතුවෙන් මෙවර හජ් වන්දනා සමයේදී පුද්ගලයින් 1,301ක් මියගොස් ඇති බව සෞදි අරාබිය පවසයි.
එම දිනවල මක්කම උෂ්ණත්වය සෙල්සියස් 50 ඉක්මවා තිබුණි.
මෙලෙස මිය ගිය බහුතරය නීතිවිරෝධී ලෙස පැමිණි වන්දනාකරුවන් බවත් හෙළිව තිබේ.
ඒ ඔවුන්ට දැඩි උණුසුම මධ්‍යයේ දීර්ඝ දුරක් ඇවිදීමට සිදු නිසාය.
මියගොස් සිටි පුද්ගලයින්ගෙන් 75%කට පමණ හජ් වන්දනාව සඳහා නිල බලපත්‍ර තිබී නොමැති බවත් ඔවුන්ගෙන් බහුතරයක් මහලු විවිධ රෝගාබාධ සහිත අය බවත් වාර්’තා වී ඇත.
එසේම දැඩි උණුසුම නිසා රෝගී වූ 500,000කට පමණ සෞඛ්‍ය අංශ ප්‍රතිකාර කර ඇති අතර ඉන් 140,000ක් පමණ පිරිසකට නිල බලපත්‍ර තිබී නොමැහි බවද සෞදි රජය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here