අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන්නැයි නාවික, ධීවර ප්‍රජාවට දැනුම් දීමක්

0
66
NEWSNOW | – අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන්නැයි නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව දැනුම් දීමක් කරයි.
දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසද එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙයි.
සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 65ත් 75ත් අතර තද සුළං ඇතිවීමේ අවදානමක් පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here