අශ්වයකුගේ පහර කෑමකට ලක්ව බ්‍රිතාන්‍ය ඈන් කුමරිය රෝහල් ගත කරයි

0
125
NEWSNOW| – අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇත.
බකිංහැම් මාලිගය පවසන්නේ රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසන බවයි.
73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලැබූ බව පැවැසෙන්නේ අශ්වයා එල්ල කළ පා පහරකින් බව ඇතැම් වාර්තා පැවැසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වී නැත.
ඈන් කුමරිය අශ්වයන්ට ප්‍රිය කරන්නීය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය අශ්වාරෝහක බලඇණියේ සාමාජිකාවක ද වෙයි. 1976 වසරේ කැනඩායේ මොන්ක්‍රියාල් ඔලිම්පික් උළෙලට ඇය තුරඟ තරගකාරියක සහභාගී වූවාය.
ඒ, බ්‍රිතාන්‍ය අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකාවක ලෙසිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා ද ඈන් කුමරියයි.
සිය වැඩිමල් සොහොයුරු මෙන්ම, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ ද දෙවැනි අත ලෙස හැඳින්වෙන්නේ ද ඈන් කුමරියයි. ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී, වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මෙම වසර මුලදී බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියාය. ඒ, ඇගේ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් (තිමොති) ලොරන්ස් ද සමඟය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here