ඉන්දියාවේ ආගමික උත්සවයකදී තෙරපීමකින් 116 දෙනෙක් මිය යති

0
87

NEWSNOW| – ඉන්දියාවේ ආගමික රැස්වීමක සිටි දහස් ගණනක් ජනයා අතර ඇතිවූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 116 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූ බව එරට නිලධාරීහු පවසති.

ප්‍රාදේශීය වශයෙන් භෝලේ බාබා ලෙස හඳුන්වන හින්දු ගුරුවරයෙකු මෙම ආගමික රැස්වීම පවත්වා ඇත.

පසුව එම රැස්වීම පැවති කූඩාරම තුළ ඇති වූ උණුසුම සහ හුස්ම හිරවීම නිසා මරණයන්  සිදුව ඇති බව සැක කෙරේ.

තෙරපීම සිදු වූ උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රශාන්ත් කුමාර් පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 116 දෙනෙකු මිය ගිය අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් බවයි.

තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන ශලබ් මාතුර් පැවසීය.

“මිනිස්සු එකා පිට එකා වැටෙන්න පටන් ගත්තා. තැළුණු අය මිය ගියහ. එහි සිටි අය ඔවුන්ව එළියට ඇද දැමුවා,” සාක්ෂිකාරිය වන ශකුන්තලා දේවි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සියට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here