උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

0
57

NEWSNOW| – අද(30) අළුයම සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (29) පස්වරු 06.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ තැපැල් දුම්රිය ගලබඩ හා ඉගුරුඔය දුම්රිය ස්ථාන අතරදී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත.

අලුයම 1.15ට පමණ දුම්රිය පීලි පැනීම සිදුවූ අතර මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

ඒ හේතුවෙන් කෙටිදුර දුම්රිය ගමන් වාර දෙකක් අවංගු කර ඇති අතර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටක් පවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here