එක්සත් අරාබි එමිර් රාජ්‍ය විදෙස් සම්ප්‍රේෂණ වැඩියෙන්ම යවන අරාබි රට බවට පත් වෙයි

0
85
NEWSNOW | – 2023 වසරෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට එහි සේවය කරන සංක්‍රමණික සේවයකයන් විසින් තම රටවලට යැවු මුදල් සම්ප්‍රේෂණ ප්‍රමාණයේ අගය ඩොලර් බිලියන 38.5 වු අතර ඒ අනුව මෙය සඳහා අරාබි රටවල් අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පළමු තැන හිමි වී ඇත. එමිර් රාජ්‍යයට මේ අනුව ලොව දෙවන ස්ථානය හිමි විය.
මේ අතර 2023 වසරෙහි විදෙස් රටවලට සිදු කරන ලද සම්ප්‍රේෂණ ප්‍රමාණ අනුව සෞදි අරාබියට ගෝලීය වශයෙන් තුන්වන ස්ථානය සහ අරාබි ලෝකයේ දෙවන ස්ථානය හිමිවි ඇත. පසුගිය 2023 වසරෙහිසවුදි අරාබියේ සිට සංක්‍රමණික සේවා නියුක්තියන් සිය රටවලට යැවු මුදල් ප්‍රමාණය සවුදි රියාල් බිලියන 144 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 38. 4 කි.
‘සංක්‍රමණ සහ සංවර්ධන සංක්ෂිප්තය’ නම් වූ ලෝක බැංකුවේ මෑත වාර්’තාවකට අනුව, ජාත්‍යන්තර ප්‍රේෂණ යවන ලෝක රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය සිරිත් පරිදි ප්‍රමුඛ ස්ථානයේ නෙකාකඩවා සිටියි. 2023 වසරෙහි ඇමරිකාවේ සිට පිටරටවලට යවන ලද බාහිර ප්‍රේෂණ ප්‍රවාහය ඩොලර් බිලියන 85.8 ක් විය.
විදෙස් රටවලට සංක්‍රමණික සේවයකයන් යැවු මුදල් සම්ප්‍රේෂණ ප්‍රමාණ අනුව කුවෙයිටය පවතින්නේ ලොව දසවන හා අරාබි රටවල් අතර තුන්වන ස්ථානයෙහිය.
එමෙන්ම අරාබි ලොවේ සිව්වන ස්ථානයට පත් කටාරයේ සේවය කරන සේවා නියුක්තියන් තම රටවලට යැවු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 11.8 ක් වු අතර බහ්රේනයේ සිට යවන ලද්දේ ඩොලර් බිලියන 2.7 ක් පමණි.
ලෝක බැංකුවේ අධ්‍යයන අනුව පෙනී ගිය තවත් කරුණක් නම් 2022 වසරට සාපේක්‍ෂව 2023 වසරෙහි ගල්ෆ් සහයෝගිතා (GCC) රටවලින් විදෙස් රටවලට යවන ලද සේවක වැටුප් ප්‍රමාණයෙහි 13 % ක අඩු වීමක් ඇති වී තිබෙන බවයි. එනමුත් 2010 – 2019 කාල පරිච්ඡේදයෙහි මෙම සම්ප්‍රේෂණ නොකඩවා වර්ධණය වෙමින් තිබුනි.
මේ අතර සම්ප්‍රේෂණ ලැබු රටවල් අතරින් පළමු ස්ථානයේ සිටින්නේ සිරිත් පරිදි ඉන්දියාවයි. එරටට ලොව පුරා සිටින ඉන්දිය සේවා නියුක්තියන් විසින් 2023 වසරෙහි එවන ලද මුදල් ප්‍රමාණය ඇඩො බිලියන 120 කට ආසන්න විය. මෙක්සිකෝ සහ චීන ජාතිකයන් තම රටවලට එම වසරෙහිම එවු මුදල් ප්‍රමාණ පිළිවෙලින් ඇඩෝ 66 ක් සහ 50 ක් බවද අනාවරණය විය.
මේ අතර 2023 වසරෙහි මිසරය, පලස්තීනය. යෙමනය ඇතුලු විදෙස්වලට ශ්‍රමිකයන් යවා ඇති මැද පෙරදිග රටවලට මෙන්ම උතුරු අමෙරිකානු රටවලට ලැබුනු විදේශ මුදල් සම්ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් 55 ක් වු අතර මෙය පසුගිය වසරට සාපේක්‍ෂව 15 % ක අඩු වීමකි. මෙම රටවල් අතරින් විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රමාණ විෂයයෙහි වැඩිම පසුබෑමකට ලක්ව ඇත්තේ මිසරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here