ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා

0
313

NEWSNOW| – ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ඉතිහාස ගතවීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත් වෙයි.

තර්ෂන් සෙල්වරාජා මහතා ප්‍රංශයේ ජීවත්වන බේකරි ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන සම්මානනීය ශ්‍රී ලාංකික සුපවේදියෙකි.

ඔහු 2006 වසරේදී ප්‍රංශයේ පදිංචියට ගොස් තිබිණි.

සාමාන්‍ය පුද්ගලයන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා දසදහසකට පමණ ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවය හිමිවන අතර මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියේදී එලෙස ගෞරවය හිමිවන පුද්ගලයන් 10000 අතරට තේරී පත්වීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත්ව ඇත.

තර්ෂන් සෙල්වරාජා මහතා 2006 වසරේදී ප්‍රංශයට පැමිණි පසු අරක්කැමියෙකු ලෙස සේවය කර ඇති අතර ඉවුම් පිහුම් සඳහා තිබූ දක්ෂතාවය හේතුවෙන් සෙල්වරාජා මහතා පසුව නැගෙනහිර පැරීසියේ බේකරියක් විවෘත කර තිබිණි. එහිදී ඔහු සිය දක්ෂතාවයන් වැඩිදියුණු කර ගැනීමට කටයුතු කර තිබූ අතර මේ වනවිට ලෝකයෙම ප්‍රසිද්ධ සුපවේදියෙකු බවට පත්වී ඇත.