කාලගුණය ගැන රතු නිවේදනයක්

0
99

NEWSNOW| – අද(01) දිනයේ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එසේම සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුද ප්‍රදේශය ඉතා රළු විය හැකිය.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිබව කාලගුණ අනාවැකි නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here