කොළඹ රාජකීය විද්‍යාලය 2024 පාසල් රග්බි ශූරතාවය

0
120
NEWSNOW | – කොළඹ රාජකීය විද්‍යාලය 2024 පාසල් රග්බි ශූරතාවය ජූනි 15 ආරම්භවේ.
මෙවර තරගාවලිය ආරම්භ කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම,කුසලාන හඳුන්වාදීම සහ අනුග්‍රාහක චෙක්පත් පිරිනැමීම,පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.
රාජකීය විද්‍යාලයේ රග්බි තරග සංවිධායක කමිටුව විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන අතර වයස අවුරුදු 19න් පහළ පාසල් රක්බි කණ්ඩායම් රැසක් මේ සඳහා සහභාගි වේ.
බ්‍ර්ඩ්බි පලිහ වෙනුවෙන් තරග වදින මෙම ශූරතාවය ප්‍රථම තරගය මහනුවර කින්ග්සුඩ් විද්‍යාල සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතයි.
මෙම අවස්ථාවට කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තු හේවා මහතා ඇතුළු රාජකීය විද්‍යාලයේ තරඟ සංවිධායක කමිටුවේ සාමාජිකයන් මෙන්ම අනුග්‍රහක දායකත්වය සපයන ආයතන ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පැවැත්වෙන 78 වැනි බ්‍රැඩ්බි පළිහ තරගයේ පළමු අදියර ඇතුළුව ගෘහස්ථ ක්‍රීඩා හතරක් රාජකීය විද්‍යාලය විසින් සත්කාරකත්වය දරයි. ශාන්ත තෝමස් සහ ශාන්ත පීතර සමග අනෙකුත් සම්ප්‍රදායික කුසලාන තරඟ ද පැවැත්වේ.
පාසැල් රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්’ෂණය ඇති තරග ඉසව්ව වන කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහල අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු තරගය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමග 2024 ජූනි මස 15 වැනිදා පැවැත්වේ.
රාජකීය විද්යාලය හා මහනුවරදී ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන 78 වැනි බ්‍රැඩ්බි පළිහ රග්බි තරග මාලාවේ පළමු ලීගය, සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර සාම්ප්‍රදායික කුසලාන තරග කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්’ණයේදී පැවැත්වීමට නියමිතය.
2024 රාජකීය රග්බි තරග කාලසටහන අනුව ජූනි 15 වැනිදා කිංග්ස්වුඩ් විද්‍යාලය සමග (රාජකීය පිටියේදී), ජූනි 23 විද්‍යාර්’ථ විද්‍යාලය සමග (බාහිර), ජූනි 29 සහිරා විද්‍යාලය සමග (බාහිර), ජූලි 06 තර්’ස්ටන් විද්‍යාලය සමග (බාහිර), ජූලි 13 වෙස්ලි විද්‍යාලය සමග (බාහිර), ජූලි 19 සාන්ත ජෝෂප් විද්‍යාලය සමග (බාහිර), ජූලි 27 සාන්ත පීතර විද්‍යාලය සමග බී. සී. ඇන්ජි අනුස්මරණ කුසලාන තරගය (රාජකීය පිටියේදී), අගෝස්තු 24 ත්‍රිත්ව විද්‍යාලය සමග බ්‍රැඩ්බි පළිහ පළමු ලීගය (රාජකීය පිටියේදී) සහ සැප්තැම්බර් 07 ත්‍රිත්ව විද්‍යාලය සමග බ්‍රැඩ්බි පළිහ දෙවන ලීගය (බාහිර) යන තරග පැවැත්වීමට නියමිතය. ඒ සමගම ශාන්ත තෝමස් විද්‍යාලය සමග මයිකල් ගුණරත්න කුසලාන තරගය හා ඉසිපතන විද්‍යාලය සමග මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන තරගය ද පැවැත්වීමට නියමිතය.
රාජකීය විද්‍යාලය රග්බි පිලේ නායකත්වයට තිවේන් පෙරේරා නම්කොට ඇති අතර බුවනෙක සේනානායක සහ යෙහාන් වීරසූරිය උප නායකයන් ලෙස කටයුතු කරනු ලබයි. රාජකීය විද්‍යාලයේ 18 න් පහළ රග්බි කණ්ඩායමට 2018 සහ 2019 ලීග ජයග්‍රහණ සඳහා මගපෙන්වූ ප්‍රධාන පුහුණුකරු මෙන්ම 2013 වසරේ පළමු XV කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසත් සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් දුෂාන්ත් ලෙව්කේ මහතා නැවත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කොට තිබේ. පසුගිය වසරේ අනුශූරතාවය දිනාගත් රාජකීය කණ්ඩායම 2000 වසරෙන් පසු යුගයේ හිමිකරගන්නා 9 වැනි ලීග ජයග්‍රහණය ඉලක්ක කොට සිටියි. පසුගිය වසර 5 පුරා රාජකීය විද්‍යාලය කණ්ඩායම අඛණ්ඩව Division 1 රග්බි ලීගයේ පළමු කණ්ඩායම් 3 අතර රැඳී සිටීමට සමත්ව සිටියි.
රාජකීය විද්‍යාලයේ රග්බි තරග සංවිධායක කමිටුව විසින් සංවිධානය කරනු ලබන 78 වැනි බ්‍රැඩ්බි පළිහ රග්බි තරග මාලාව නැරඹීමට 15,000 කට අධික නරඹන්නන් පිරිසක් මෙවර සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ.
NDB බැංකුව (National Development Bank) රාජකීය විද්‍යාලයේ 2024 වසරේ රග්බි තරග සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලබන අතර Brandix Apparel ආයතනය කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලබයි. Uber Eats තරග සඳහා සම අනුග්‍රාහකත්වය එක් කොට ඇති අතර Bixton Lighting කණ්ඩායම සඳහා සම අනුග්‍රාහකත්වය එක්කොට ඇත.
රාජකීය රග්බි කණ්ඩායමේ නිල ජීවිත රක්ෂණ සහකරු ලෙස Union Assurance” Lifestyle සහකරු ලෙස EOAS Organics, නිල ගුවන්විදුලි සහකරු ලෙස EFM, නිල ඉංජිනේරු සේවා සහකරු ලෙස Ceylex Engineering, නිල තොරතුරු තාක්ෂණ සේවා සහකරු ලෙස Affinity Consulting, නිල ක්‍රීඩා භාණ්ඩ සහකරු ලෙස Ralham Sports, නිල ඇඳුම් සපයන්නා ලෙස Bolt Gear, නිල සෞඛ්‍ය සේවා පහසුකම් සලසන්නා ලෙස Lanka Hospitals” නිල දෘෂ්ඨි විශේෂඥයන් ලෙස Vision Care” Official Tusker Partner ලෙස Homelands ආයතනයත් නිල පානීය ජල සැපයුම්කරු ලෙස American Water” නිල ශක්තිජනක ආහාරපාන සැපයුම්කරු ලෙස Nestle Lanka” නිල සිසිල් පැන් සහ අයිස්ක්‍රීම් සැපයුම්කරු ලෙස Elephant House” නිල ආහාර සැපයුම්කරු ලෙස Ceylon Agro Industries – Prima” නිල හෝටල් සේවා සැපයුම්කරු ලෙස Courtyard by Marriott” නිල සමාජ මාධ්‍ය සහකරුවා ලෙස Quadrangle, නිල මහජන සම්බන්ධතා සේවා සහකරු ලෙස Omnicom Media Group (OMG), නිල රෙදිපිළි පවිත්‍රකාරක සහකරු ලෙස Ceylon Cleaners සහ සවිබලගැන්වුම් සහකරු ලෙස Bolt Distribution යන ආයතන හා සන්නාමයන් රාජකීය රග්බි කණ්ඩායම වෙත සිය අනුග්‍රාහකත්වයන් එක්කොට ඇත. ශ්රී ලාංකීය පාසල් රග්බි ක්රීඩා ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා මෙම අනුග්රාහකත්වයන් අඛණ්ඩව ක්රියාත්මක වේ.
කීර්’තිමත් හා දීර්’ඝ ඉතිහාසයකට උරුමකම් කියන වාර්’ෂික රග්බි ක්‍රීඩා තරග සමයේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසැල් රැසක් ජය පැරදුම සම සමව විඳගනිමින් ක්‍රීඩාශීලීත්වයෙන් එකමුතු වෙති.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here