ගෑස් මිල, පෙට්‍රල් මිල අඩු වුණත් ජනතාවට සහන කෝ?

0
58

ගෑස් මිල, පෙට්‍රල් මිල අඩු වුණත් එහි සහනය නිෂ්පාදන හරහා ලැබී නොමැති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසයි.

එහි සභාපති අසේල සම්පත් පවසන්නේ ගෑස් රු 1385කින් මේ දක්වා අඩු වී  ,ඩීසල් රු 143කින් අඩු වී  ,පැට්‍රල් රු 115කින් අඩු වී ,භූමිතෙල් රු 138කින් අඩු වී තිබුණත් වැඩි වූ බඩු මිල ගණන් අඩු කර එම සහනය සමස්ථ පාරිභෝගික යා වෙත ලබා දිමේ ක්‍රමවේදයක් නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ එදා සිට මේ පිලිබද ජාතික වැඩපිළිවෙළක් සකසා තිබුනා නම් කොයි රජය තිබුනත් පාරිභෝගික යා ආරක්ෂා වෙනවා, උගුර ලේ වනතුරුත් අවුරුදු 14ක් මේ බලධාරින් නිලධාරීන් ට කියන්න තියෙන වදන් වලින් කිව්වත් එලක් නැහැ. අපේ රටේ පාරිභෝගිකයා ශක්තිමත් නෑ.ලෝකයේ තියෙන ඕන කුණුගොඩක් දන්නවා හැබැයි පාරිභෝගික අයිතිවාසිකම් දන්නේ නැහැ. ලෝකයේ වෙනත් රටවල පාරිභෝගික සමාජය බලවත් අපේ රටේ ගෞරවනීය මාධ්‍ය නැති නම් පාරිභෝගිකයන් මරාගෙනම කාලා. ජනාධිපති ඡන්දය වෙනුවෙන් ගැයෙන සුරංගනා කතා අතර තුන් වේල අතේ ඇති මුදලට කාලා බීලා ඉන්නේ කොහොමද කියලා කවුරුත් මීක් නැහැ . කාට කාටත් සුරපුරයක් කල හැක්කේ පාරිභෝගිකයා කියන ඡන්දදායකයා රැකුනොත් පමණයි” බව අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here