ගුරු විදුහල්පතිවරුන් අද විරෝධතාවයක

0
58

NEWSNOW| –  ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් දීපව්‍යාප්ත විරෝධතා මාලාවක අද (12) නිරත වන බව දන්වා තිබේ .

ඒ වැටුප් විෂමතාවලට විසඳුම් දෙන්නැයි ඉල්ලමිනි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ, වැටුප් විෂමතා ඉවත් කර දෙන්නැයි අවස්ථා ගණනාවකදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ ද මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

වැටුප් විෂමතා ඉවත් කිරීමේ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ද අමාත්‍යාංශ කමිටුවක් විසිනි.

එහෙත් එය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ජෝසෆ් ස්ටාර්ලිං මහතා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here