ගුරු – විදුහල්පතිවරු යළිත් විරෝධතාවයේ

0
135

NEWSNOW | – ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

ඒ සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලමිනි.

ලබන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘත්තිය සමිති රැස්කර, ගුරු විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්’ශනය කරමින් විරෝධතාවක නිරත විය.

ලංකා ගුරු සංගමය සඳහන් කළේ, හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here