ජාතික ජනබල වේගය හා දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා

0
67

NEWSNOW| –

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සංචාරයක නිරත විය.

එහිදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් මහතා, රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ද හමුවූ අනුර කුමාර දිසානායක මහතා ඔහු සමගද සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් ජාතික සමගිය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here