ත්‍රිකුණාමලයේ සංචාරයට ගොස් අතුරුදන්ව සිටි ඊශ්‍රායලය ජාතික තරුණිය සොයා ගැනේ

0
234

NEWSNOW| –  පසුගිය 26 වන දින සිට අතුරුදහන්ව සිටි ඊශ්‍රායල ජාතික තරුණියක් වන Tamar Amitai නැමැති තරුණිය සොයා ගෙන තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ඇය සොයාගෙන ඇත.

මෙම අතුරුදහන්වීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයකට ලක් විය.

එම තරුණිය සංචාරයක් සඳහා පසුගිය 22 දින මෙරටට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇත.

ඇය පසුගිය 26 වන දින හෝටලයෙන් පිටත්ව ගොස් නැවත නොපැමිණීම නිසා හෝටල් හිමිකරු විසින් 29 දින උප්පුවේලි පොලිසීයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම මෙහෙයුම ආරම්භ කළේය.

එම තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කඳුබෑවුමකදී ලිස්සා යාමකට ලක්ව සිරවී සිටියදී සොයා ගැනීමට සෝදිසි මෙහෙයුමේදී හැකි වී ඇත.

සීරීම් සහ සුළු තුවාල වී සිටි ඇය ත්‍රිකුණාමලය මහ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු උප්පුවේලී පොලීසිය මගින් සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here