දැන්වීම් කරණ ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යන්නට ශ්‍රී ලාංකීය නිර්මාණශීලී සන්නිවේදකයන් සවිබල ගන්වන Four A’s Advertising Festival සූදානම්

0
186

NEWSNOW| -Accredited Advertising Agencies Association (4A’s) දැන්වීම් ආයතන සාමුහිකය විසින් ශ්‍රී ලාංකීය දැන්වීම් ක්ෂේත්‍ර වෘත්තිකයන්ගේ වෘත්තීය කුසලතා ජාත්‍යන්තර තරගකාරී වෙළෙඳ පොළට ගැලපෙන ආකාරයෙන් ඔප්නැංවීමේ අරමුණෙන් යුතුව යුනිලිවර් ශ්‍රී ලංකා සවි බල ගැන්වීමෙන් සහ ශ්‍රී ලංකන් එයාලයින්ස් ජාත්‍යන්තර සම්බන්ධීකරණයෙන් Four A’s Advertising Festival අධ්‍යාපනික උළෙල සංවිධානය කිරීමට නියමිතය.

මැයි මස 30 සහ 31 දෙදින පුරා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සංවිධානය කෙරෙන Four A’s Advertising Festival හිදී නිර්මාණාත්මක පරිකල්පනය, නව සංකල්ප ගොඩ නැගීම, නව්‍යකරණය යනාදි ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙස් විදෙස් කීර්තිමත් විද්වත් වෘත්තිකයන්ගේ දේශන හා සමුහ සාකච්ඡා, ප්‍රායෝගික පුහුණු වැඩමුළු පැවැත්වෙන අතර වසර ගණනාවකට පසු ශ්‍රී ලාංකීය දැන්වීම් කරණ ක්ෂේත්‍රයේ දක්ෂ වෘත්තිකයන් දිරි ගන්වමින් සම්මාන පිරිනැමීමක් ද සිදු කෙරේ.

Four A’s Advertising Festival අධ්‍යාපනික උළෙල වර්ණවත් කිරීමෙනිලා ආරාධීන දේශකයන් ලෙස Publicis Groupe South East Asia 8 ໆລາ ປີລະ ຫົງລາ ໑໖ ໑, TBWA Singapore විධායක අධ්‍යක්ෂ (නිර්මාණාත්මක) අශීන් නායිදු, Vexology Advertising Dubai හි ස්වාධීන නිර්මාණ හා උපාය මාර්ගික උපදේශක අසාම් කලද්, BBDO Singapore හි නිර්මාණ පිළිබඳ සභාපති ගු ආන් හින් වේ, VMLY&R Mumbai ජේෂ්ඨ නිර්මාණ අධ්‍යක්ෂ මහේෂ් අබාලියා, Saatchi & Saatchi Sydney හි ප්‍රධාන නිර්මාණ නිලධාරී මැන්ඩ් වැන් ඩේ මøව්, Media Arts Lab APAC Singapore හි කළමනාකාර අධ්‍යක්ෂ / උපායමාර්ග අංශ ප්‍රධානී මිචලා ෆුචර්, DDB Group Melbourne මුහ විධායක නිර්මාණ අධ්‍යක්ෂ ජ්යෙයි කිංග්ස්ටන්, Dentsu Creative India West and South Regions හි ප්‍රධාන නිර්මාණ නිලධාරී සජෝ දන් e Ogilvy, Pakistan හි ප්‍රධාන විධායක නිර්මාණ අධ්‍යක්ෂ සෙරා සයිඩ් යන ජාත්‍යන්තර කීර්තිමත් විදෙස් වෘත්තිකයන් සහභාගී වීමට නියමිතය.

Four A’s Advertising Festival අධ්‍යාපනික උළෙල සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ Four A’s දැන්වීම් ආයතන සාමුහිකයේ සභාපති ඇලන් ලෝජෙස් මහතා “ශ්‍රී ලංකාවේ දැන්වීම් ක්ෂේත්‍රයට මෙය ඉතා වටිනා සුවිශාල අවස්ථාවක්. අපේ රට ආසියානු පැසිෆික් කලාපයේ නිර්මාණ ශීලීත්වයෙන් ප්‍රමුඛ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ අරමුණ ඇතිව දැන්වීම් ලෝකයේ දැවැන්තයන්ගේ වෘත්තීය අත්දැකීම් ශ්‍රී ලාංකික දැන්වීම් වෘත්තිකයන් සමග හුවමාරු කරගැනීමට පහසුකම් සැපයීම මෙහිදී සිදු කෙරෙනවා.” යැයි පැවසීය.

Four A’s මාණ්ඩලික අධ්‍යක්ෂ සහ Four A’s Advertising Festival උළලේ සම අධ්‍යක්ෂ දිශාර ජයමාන්න මහතා අදහස් දක්වමින් “AI තාක්ෂණයේ ආගමනයන්, ආර්ථීකමය අභියෝගකාරී තත්ත්වයන් ඇතුළුව ගෝලීය වශයෙන් නිරන්තරයෙන් එල්ලවෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි ශක්තිමත් ශ්‍රී ලාංකික දැන්වීම් වෘත්තිකයන් පිරිසක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියේ පුහුණු හා සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාවය මතුව තිබෙන මොහොතකයි අප Four A’s Advertising Festival සංවිධානය කරන්නේ. දින දෙකකින් අවසන් වන වැඩසටහනක් වුනත් මේ වැඩසටහනේදී සිදුවන දැනුම හා අත්දැකීම් හුවමාරුවේ සාධනීය බලපෑම් ශ්‍රී ලාංකීය දැන්වීම් ක්ෂේත්‍රයේ සංවර්ධනයට දීර්ඝකාලීනව බලපවත්වනවා.” යැයි පැවසීය.

Four A’s ownes wn Four A’s Advertising Festival උළෙලේ සම අධ්‍යක්ෂිකා සෙලෝනිකා පෙරුමාල් මහත්මිය අදහස් දක්වමින් “මෙය හුදු නිර්මාණාත්මක කුසලතා වැඩිදියුණු කරන අධ්‍යාපනික වැඩසටහනක් විතරක්ම නෙමෙයි, විවිධ සංස්කෘතීන්ට අයත් විද්වතුන් රැසකගෙ එකිනෙකට වෙනස් අදහස් හා අත්දැකීම් අපේ රටේ සංස්කෘතියට ගැලපෙන ආකාරයට

නිර්මාණශීලී ලෙස යොදාගැනීමට ලැබෙන දැනුම් සම්භාරයක්. මෙයට සහභාගී වෙන අපේ දැන්වීම් වෘත්තිකයන්ට ලෝකයට ගැලපෙන විදිහට දේශීයට හිතන්න ” යැයි පැවසීය.

Four A’s Advertising Festival 6020

Four A’s Advertising Festival යනු ශ්‍රී ලාංකීය දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට දැන්වීම් ක්ෂේත්‍රයේ නව මානයන් පිළිබඳ ඉගෙනීමට, එකම ක්ෂේත්‍රයක වෘත්තිකයන් වශයෙන් එකිනෙකා සමග සම්බන්ධ වීමට මෙන්ම තම වෘත්තීය දක්ෂතා ඇගයීමකට ලක්කොට සම්මානයට පාත්‍ර වීමෙහිලා අවස්ථාව හිමිවෙන විචිත්‍රවත් ශ්‍රී ලාංකීය උලෙලෙකි.

පාරිභෝගිකයන් හා ගනුදෙනුකාර භවතුන් විෂයෙහිලා හිතෛෂී ආකාරයෙන් ශ්‍රී ලාංකීය දැන්වීම් කරණ හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමිතිගත තත්ත්වයක් පවත්වාගෙන යාමෙහිලා මෙහිදී සිදු කෙරෙන දැනුම හුවමාරුව වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලබයි.