හිටපු දැල්පන්දු ක්‍රීඩිකා තර්ජනී ඉන්දීය ව්‍යාපාරිකයෙකු සමඟ යුග දිවියට

0
248

NEWSNOW |-  ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනි සිවලිංගම් ඊයේ (17) යුග දිවියට පිවිස තිබේ.

ඒ, දකුණු ඉන්දියාවේ ‍ ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් සමග චෙන්නායි නිවි අයිලන්ඩිස් හෝටලයේදීය.

තර්ජනී පසුගිය දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු දැල්පන්දු පිටියට සමුදුන්නාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලි 4ක් නියෝජනය කිරීමට සමත්වු තර්ජනී ආසියානු දැල්පන්දු තරගාවලි 5ක දි ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

2019 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවනවිට තර්ජනීට වයස අවුරුදු 40ක්වූ අතර දැල්පන්දු ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩිකාව බවට ඇය පත්වුණි.

ඇගේ එම වාර්තාවම ඇය 2023 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවෙමින් බිඳ හෙළුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here