දුම්රිය ගමන්වාර 80ක් අවලංගුයි

0
66

NEWSNOW| – දුම්රිය රියැදුරන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අද (07) පස්වරුව වන විට දුම්රිය වාර 80කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු විය හැකි බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

එහි ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක පැවසුවේ අද දිනය තුළ ගැටළුවලට විසදුම් නොලැබුනහොත් වර්ජනය ඉදිරියට ගෙන යන බවයි.

මෙයට ප්‍රධානම හේතුව වනුයේ 2018-05-09 වන දින අනුමත අමාත්‍ය මණ්ඩල තීරණය පදනම් කරගෙන මේ දක්වාම දුම්රිය එන්ජින් රියදුරු බදවා ගැනීමේ පරිපාටිය සකස් කිරීමට කටයුතු නොකිරීම නිසා නව බදවා ගැනීම් සිදු කිරීමට නොහැකි වීමත්, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි HKW බණ්ඩාරගේ මැදිහත්වීම මත දැනට තුන්වන පෙළ හිටින දුම්රිය එන්ජින් රියදුරු වරුන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබාදීමට ගත් ක්‍රියා මාර්ග දිගින් දිගටම ප්‍රමාද කිරීමත් , දෛනිකව ධාවනය විය යුතු දුම්රියන් බොහෝ ප්‍රමාණයක් අවලංගු වීම, ප්‍රමාද වීම සම්බන්ධයෙන් කළමණා කාරීත්වය නිසි අවධානයක් යොමු නොකිරීමත් නිසාය.