දුම්රිය පා පුවරුවේ පැමිණි අයෙක් දුම්රියෙන් වැටී රෝහලේ

0
76
NEWSNOW | – දුම්රිය වර්’ජනයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මගීන් අද දිනයේත් දැඩි අපහසුතාවයකට ලක් විය.
දුම්රිය පාපුවරුවේ පවා මගීන් රැසක් එන අයුරු දැක ගැනීමට හැකි විය.
මේ අතරේ අද(10) උදෑසන පොල්ගහවෙල සිට කොළඹ බලා පැමිණි දුම්රියේ පාපුවරුවේ පැමිණි පුද්ගලයෙකු ගනේමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදි ඉන් වැටී තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
වර්’ජනය හේතුවෙන් සීමිත දුම්රිය සංඛ්‍යාවක් ධාවනය වන අතර, අධික මගීන් පිරිසක් එහි ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු විය.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර ප්‍රධාන මාර්’ගයේ කොළඹ – කොටුව දක්වා දුම්රිය ගමන් වාර 11ක් ද, හලාවත මාර්’ගයේ සහ උතුරු මාර්’ගයේ සිට කොළඹ – කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4 බැගින්ද ක්‍රියාත්මක බවයි එහි දැක්වේ.
මුහුදුබඩ මාර්’ගයේ කොළඹ – කොටුව දක්වා දුම්රිය ගමන් වාර 18 ක් ක්‍රියාත්මක අතර, කැළණිවැලි මාර්’ගයේ දුම්රිය ගමන් වාර 3 ක් සහ කොළඹ – කොටුවේ සිට මුහුදුබඩ මාර්ගයේ කාර්’හාල දුම්රිය හතක් ක්‍රියාත්මක බවද දුම්රිය දෙපාර්’තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.