නිවාස පිරිසිඳු කරගැනීමට 10,000 ලබා ගන්නා ආකාරය

0
29
NEWSNOW | – ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත ගන්නා ආකාරය අද (07) ජනතාව දැනුවත් කෙරුණි.
එහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ඒ සඳහා ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය වන බවය.
“ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. එය ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්’දේශ අවශ්‍ය වෙනවා.”
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 01 වනදා සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113ක එනම් දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වී ඇති බවද ඔහු පැවසීය.
පුද්ගලයන් 239,000කට අධික පිරිසක් අවතැන්වී ඇති බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.