පලස්තීනයට ජය වේවා යයි ලෝක් සභා දිවුරුම් දී සුබ පැතුම්

0
155
NEWSNOW | – ඉන්දීය පාර්’ලිමේන්තුව වන ලෝක් සභාවෙහි මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාව මෙතෙක් පැවතියේ පොදුවේ නීරස හා කලබලවලින් තොර සංසිද්ධියක් ලෙසිනි. එම සාම්ප්‍රසදාය බිඳ දමන සිද්ධියක් පසුගිය අඟහරුවාදා එහි සිදු විය. එය නම් තෙලිගානා ප්‍රාන්තයෙන් විරුදධ පක්ෂයක් නියෝජනය කරමින් තරග වැද ජය ගත් අසාදුදීන් ඔවෙයිසි දිවුරුම් දෙන විටිජෙයි පලස්තීන් (පලස්තීනයට ජය වේවා) යයි මහ හඬින් පවසමින් ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමයි.
ඔවෙයිසිගේ මෙම හැසිරීම විවේචනය කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙමගින් ඔවෙයිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් උල්ලංඝනය කර ඇති බවට චෝදනා නගා ඇත. ඔවුන් තර්’ක කරන්නේ ඉන්දිය මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙන විට වෙනත් දේශයකට පක්ෂපාතීත්වය ප්‍රදර්’ශනය කිරීම මගින් ඔවයිසි බලවත් වරදක් කර ඇති බවයි. ඔවෙයිසි මෙම තර්’කය සම්පුර්’ණයෙන්ම ප්‍රතික්‍ෂේප කර ඇත.
දිවුරුම් දීමෙන් පසු ජෙයි බීම්, ජෙයි මීම්, ජෙයි තෙලිංගානාත’ යයි සිරිත් පරිදි පැවසු ඔවෙයිසි අවසාන වශයෙන් ජෙයි ෆිලිස්තීන්’ යයිද පවසා තිබීම මෙම ආන්දොල්නයට තුඩු දී ඇත. (ෆිලිස්තීන් යනු පලස්තීනයට ඔවෙයිසිගේ මව් බස වන උර්’දු බසින් වන ව්‍යවහාරයයි)
අසාදුදීන් ඔවෙයිසි යනු කොන්කරනු ලබන දලිත් නම් වන අඩු කුල හින්දුන් ඇතුලු නිහතමානි දේශපාලනය අගයන බොහෝ දෙනෙකුගේ අභිමානය දිනා ගත් අවංක බවට ප්‍රකට ඉන්දීය මුස්ලිම් ජාතික දේශපාලනඥයෙකි.ිජෙයි බීම්’ යයි කීමෙන් ඔවෙයිසි ඇගවුයේ දලිත් ජනයා වෙනුවෙන් හඬ නැගූ බීම් රාවෝ අම්බේත්කර් නමැත්තාගේ ජෙයි බීම්’ නම් වු ව්‍යාපාරය වන අතරිජෙයි මීම්’ යන ප්‍රණාමය ඔවෙයිසි සිදු කළේ ඔහුගේ දේශපාලන පක්‍ෂය වන ඵෂඵ සිහිපත් කරමිනි. ජෙයි තෙලිංගානා’ යයි කීමෙන් ඔහු සිය සිය ප්‍රාන්තයට ආචාර කළ අතර මේ කිසිවක කිසිදු ගැටලුවක් නැත. ගැටලුව මතු වුයේ මැද පෙරදිග ප්‍රශ්නගත රටක් වන පලස්තීනයට ලෝක් සභාවේ මෙවන් සුවිශේෂී අවස්ථාවක ඔහු සුබ පැතීමයි.
කවුද මේ අසාදුද්දීන් ඔවෙයිසි?
අසාදුද්දීන් ඔවෙයිසි 2004 තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් මැතිවරණ කොට්ඨාශයෙන් තරග වැද පස් වතාවක්ම ලෝක් සභාවට පත් වුනු ජනප්‍රිය දේශපාලඥයෙකි. ඔහු දේශපාලන පවුලකින් හැදී වැඩෙන අතර ඔහුගේ පියා වන සලාහුදීන් ඔවෙයිසිද 1984 සිට 2004 දක්වා හය වතාවක්ම ලෝක් සභා මහ මැතිවරණ ජය ගත් ජන හද දිනා ගත් නායකයෙකි.
අසාදුද්දීන් ඕවෙයිසි 2008 සිට ඔහු නියෝජනය කරන MIM පක්‍ෂයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මෙම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට මුස්ලිම් අයිතිවාසිකම්, සියලු ආගමික සුළුතරයන්ගේ පුළුල් අයිතීන් මෙන්ම දලිත් අයිතිවාසිකම්ද ඇතුලත් වෙයි. අසාදුද්දීන් ඔවෙයිසි පාර්’ලිමේන්තුවෙහි සිදු කරන ප්‍රබල දෙසුම් සඳහාද ප්‍රසිද්ධය.
මෙම මැතිවරණයෙහිදි ඔවෙයිසිගේ පක්‍ෂය තරග කළේ මෝඩිගේ පාලන පක්‍ෂය වන භාරතී ජනතා පක්‍ෂය හෝ රාහුල් ගාන්ධිගේ ප්‍රතිවිරුද්ධ සන්ධානය සමග එක් නොවි ස්වාධීනවය.
පලස්තීනයට ජය පැතීම නිසා ඔවෙයිසි අමාරුවේ වැටෙනු ඇතිද?
‘පලස්තීනයට ජය වේවා’ යයි කීමෙන් එරටට තම සහය ඕවෙයිසි පළ කර ඇති බවට විතර්’කයක් නොමැත. එනමුත් එය ලෝක් සභාව වැනි තැනක දිවුරුම් දීමේ අවස්ථාවක සිදු කිරීම නිසා ඔහුට වරදක් කළ බවට චෝදනා එල්ල වෙමින් පවතියි. වෙනත් රටකට සිය පක්‍ෂපාතී බව දිවුරුම් දෙන විට ප්‍රසිද්ධ්යේම ප්‍රකාශ කිරීම ව්‍යාවස්ථාව උල්ලංඝනය කිරීමක් යයි පෙන්වා දෙමින් මෝඩිගේ මන්ත්‍රීවරුන් බල කරන්නේ ඔවෙයිසිගේ ලෝක් සභා මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතු බවයි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙහි මෙයට පාදක වන 102 වන වගන්තියද ඔවුන් උපුටා දක්වති්.
නමුත් දේශපාලන විශේෂඥයින්ගේ මතය අනුව ඔවෙයිසිගේ ක්‍රියා කලාපය අප්‍රසංසනීය වුවද කිසිදු ව්‍යවස්ථාමය රීතියක් ඔහු උල්ලංඝනය කර නොමැත. තවද ඔවෙයිසි පලස්තීනයට සුබ පැතුවේ දිවුරුම් දීමෙන් පසුව බවද ඔවුන් පෙන්වා දෙති. පලස්තීනයට සුබ පැතීම ඉන්දිය ව්‍යවස්ථාවට අනුව නීති විරෝධි ක්‍රියාවක් නොවනවා පමණක් නොව දිවුරුම් දීමෙන් පසුව මන්ත්‍රීවරයෙකු පවසන කිසිවක් ලේඛනගත නොවන බවද ඔවුන් අවධාරණය කරති. ‘ජෙයි ෆිලිස්තීන්’ යයි ඔවෙයිසි කී විගස ආණ්ඩු පක්‍ෂය අසුන් ගෙන සිටි අන්තයෙන් දැඩි විරෝධතා ඇති වු විටිකලබල විය යුතු කිසිවක් ඔවෙයිසි පැවසුවේ නැත’ යයි ඔවුන්ට කියමින් ඔවුන් සන්සුන් කරන්නට එවිට සභා ගර්’භයේ සභාපතිව සිටි මෝඩිගේ පක්‍ෂය නියෝජනය කරන රාධා මෝහන් සිං කටයුතු කළේය.
මෙයින්ම ඔවෙයිසිගේ ප්‍රකාශය සැලකිය යුත්තක් නොවන බව ඔප්පු වන බව නිපුණයන් පෙන්වා දෙති. කෙසේ වෙතත් පසුව පැන නැගුනු තත්වය හමුවේ මෙම ප්‍රකාශයට අදාල නීතිමය තත්වයන් තමා සමාලෝචනයක් කරන්නට යන බව පාර්’ලිමේන්තු කටයුතු අමාත්‍ය කිරන් රාජිජු පවසා ඇත.
ඔවෙයිසිගේ ප්‍රකාශයට අමතරව හින්දු ජාතිකවාදි ව්‍යාපාරයක් වන RSS හි ප්‍රබල සාමාජිකයෙකු මෙන්ම භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රමුඛයෙකු වන චත්‍රපාල් සිං ගංග්වාර් දිවුරුම් දීමෙක් පසු විජෙයි හින්දු රාශ්ට්‍රා’ යයි පවසා ඇත. ඉන්දියාව යනු හින්දුන්ට පමණක් හිමි රටක් යයි කලක සිට අවධාරණය කරමින් සිටින ගංග්වාර් එය නිල වශයෙන් ප්‍රකාශ කළ යුතුය යයිද හඬ නගමින් සිටියි. එනමුත් විරුද්ධ පක්‍ෂ තර්’ක කරමින් සිටින්නේ ඉන්දියාවේ විවිධ ජාතින් සහ විවිධ ආගම් අදහන්නන් වාසය කරන හෙයින් එසේ කළ නොහැකි බවයි.
ඒ අනුව ගංග්වාර් දිවුරුම් දීමෙන් පසුිජෙයි හින්දු රාශ්ට්‍රා’ යයි කීමද අඩු වැඩි වශයෙන් ආන්දෝලනයක් ඇති කළේය. මෙය ජාතිවාදි ප්‍රකාශයක් යයි විරුද්ධ පාක්‍ෂිකයන් චෝදනා නගති. එයට සාපේක්‍ෂව ඔවෙයිසි සහය පළ කළේ කුරිරු යුදෙව් හමුදාව විසින් ඝාතණය කරනු ලබන නිරායුධ අසරණ පලස්තීන වැසියන් වෙනුවෙන් බවද ඔවුන් පෙන්වා දෙති. එමෙන්ම භාරතීය ජනතා පක්‍ෂයේ අතුල් ගාර් දිවුරුම් දුන් පසුිමෝඩිට ජය වේවා’ යයි හඬ නගා කීමද සභාවෙහි විරුද්ධ පක්‍ෂ ඉසව්වෙහි නොසන්සුන්තාවයක් ඇති කිරීමට ඉවහල් විය. එයින් අදිරිමත් නොවුනු අතුල් ගාර්ග් සිය අසුන වෙත යන ගමන්ිඅචාර්්‍ය හේඩ්ගේවාර්ට ජය වේවා’ යයිද පැවසුවේය. අචාර් හේඩ්ගේවාර් යනු RSS ව්‍යාපාරයේ නිර්’මාතෘ විය.
මේ සැමට අමතරව විපක්‍ෂ නායක රාහුල් ගාන්ධි ඇතුලු බොහෝ මන්ත්‍රීවරුන් සිය අතේ ඉන්දිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ලෙළවමින් සිටිනු දැකිය හැකි විය. ඔවුන් එසේ කළේ පසුගිය ආණ්ඩු සමයෙහි මෝඩි විසින් මුස්ලිම් විරෝධයක් උසි ගන්වමින් හා ජතිවාදය වපුරවමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දරුණු ලෙස උල්ලංඝනය කිරීම සිහිපත් කරමින් එයට විරෝධය දැක්වීක් ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here