පේරු රාජ්‍යයට නිකුත් කළ සුනාමි අනතුරු අඟවීම ඉවතට

0
51

පේරු රාජ්‍යයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ ඒකක 7.2 ක භූමිකම්පාවක් හට ගෙන ඇති බවත් එහි සුනාමි අවධානම පහව ගොස් ඇති බව USGS එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම භූකම්පනය මධ්‍යම පේරු වෙරළට ඔබ්බෙන් Atiquipa දිස්ත්‍රික්කය ආසන්නයේ ඇති විය.

එය මුලින් සුනාමි අවදානමක් මතු වූ නමුත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කළේය.

මිලියන 33 ක පමණ ජනගහනයක් සිටින පේරු, ඇමරිකාවේ බටහිර වෙරළ දිගේ දිවෙන තීව්‍ර භූ කම්පන ක්‍රියාකාරකම් සහිත විශාල ප්‍රදේශයක් වන ඊනියා පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇත.

පේරු සෑම වසරකම හඳුනාගත හැකි භූමිකම්පා සිය ගණනකට ගොදුරු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here