මාස හයට වැඩි සියලුම දරුවන් සදහා ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන සක්‍රීය කරන්නැයි ඉල්ලීමක්

0
23
NEWSNOW | – මාස හයට වැඩි සියලුම දරුවන් සදහා ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන සක්‍රීය කිරීමට කටයුතු කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘතීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි.
මේ වන විට ත්‍රිපෝෂ ලබා දෙන්නේ අවුරුදු 3ට වැඩි පෝෂණ ඌණතා සහිත දරුවන් සහ ගර්’භණී කාන්තාවන් සදහා පමණි.
දැනට වසර ගණනාවක් පුරා වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා ත්‍රීපෝෂ ලබා නොදීම හේතුවෙන් දරුවන් අතර පෝෂණ අර්’බුදය වැඩි වීමේ අවධානමක් පවතින බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්ණේය.
වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා නිශ්පාදන කරන ත්‍රිපෝෂ වල ඇෆ්ලොටොක්සීන් මට්ටම පවත්වාගෙන යාමේ පරිසාදන මට්ටම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙම අර්’බුදය ඇති වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේ අනුව හෙතෙම පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍යය සංවිධානයේ සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ප්‍රමිතීන්ට යටත්ව වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා ත්‍රිපෝෂ නිශ්පාදනයට අවශ්‍ය පියවර කඩිනමින් ලබා ගත යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here