රුවන්ඩාවේ ආර්ථිකයට ශක්තියක් වන ඉමිගොන්ගෝ නිර්මාණය කරන කාන්තාවන්

0
70

NEWSNOW | – රුවන්ඩාවේ ගව ගොම වලින් සාදන ලද ‘ඉමිගොන්ගෝ’ නිර්මාණ සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

රුවන්ඩා කාන්තාවන්ගේ ගෘහ කර්මාන්තයක් ලෙස සැලකෙන ‘ඉමිගොන්ගෝ චිත්‍ර’ නිර්මාණය මිලදී ගැනීමට ලොව පුරා ජනතාව දැඩි උනන්දුවක් දක්වති.

රුවන්ඩාව අප්‍රිකාවේ කුඩාම සහ අඩුම ජනගහනය සහිත රටයි. රුවන්ඩා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් කාන්තාවන් නියෝජනය කරති. ලෝකයේ පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා ප්‍රතිශතයක් සිටින රට ද රුවන්ඩාවේ ය.

ඒ වගේම එම රට ස්වභාවධර්මය සහ පරිසරය සුරැකීමට රට ඉතා උනන්දුවක් දක්වයි.

මෙම කලාව රුවන්ඩාවේ නයරගම්බි ප්‍රදේශයේ දැන් බහුලව භාවිතා වේ. මිනිස්සු දහස් ගණනින් මෙම නිර්මාණ සිදු කරන අතර එය මුලින්ම පිහිටුවන ලද්දේ 18 වන සියවසේදීය.

රටේ රජුගේ දියණිය වන කිකම්බි කාගිරා මෙය ජනතාවට හඳුන්වා දී ඇති අතර එදා සිට එරට මිනිස්සු මෙම නිර්මාණය සිදු කරයි.

1994 රුවන්ඩා ජන සංහාර යුද්ධයේදී ජනතාවට සියල්ල අහිමි විය. එවිට ඔවුන්ට අයටත් මේ කලාවද නැතිව ගොසින් තිබේ.

නමුත් 2000 වසරේ දී වසර 200ක් පමණ පැරණි එම කලාව නැවත ජීවමාන විය. දැන් එය මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්වී මිනිසුන්ට විශාල ආදායමක් ලබාදෙමින් පවතී. ඒ යුද සංකේත ඔවුන් මේ කලාවෙන් ද ප්‍රකාශ කරයි.

ජන සංහාරයෙන් දිවි ගලවා ගත් කාන්තාවන් විසින් නිර්මාණය කරන ලද මෙම සාම්ප්‍රදායික කලා කෘතියෙන් විශාල ආදායමක් උපයා ගන්නා රුවන්ඩා කාන්තාවන් එරට ආර්ථිකයට ශක්තියක් වෙමින් ලොව පුරා කාන්තාවන්ටද ආදර්ශයක් සපයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here