ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අදයි

0
39
NEWSNOW | – සෑම වසරකම ජුනි මස 07 වැනිදාට ලෝක ආහාර සුරක්ෂිතතා දිනය සමරනු ලබයි.
ආහාර සුරක්ෂිතාව යනු පෝෂණය පමණක් නොවේ. එනම් ආහාර සුරක්ෂිතාව වඩාත් පුළුල් ලෙස අර්’ථ දක්වන්නේ නම් සෑම පුද්ගලයකුටම අවශ්‍ය සෑම අවස්ථාවකදීම අවශ්‍ය ප්‍රමාණයට ආරක්ෂිත හා පෝෂණ ගුණයෙන් යුත් ආහාර ලබා ගැනීමට ඇති හැකියාව යන්නයි. තවද වැඩි වැඩියෙන් වගා කිරීම, වැඩි වැඩියෙන් ආහාර නිෂ්පාදනය තුළින් ආහාර සුලභ වීමෙන් පමණක් ආහාර සුරක්ෂිතවීම සිදු නොවන අතර රටේ ජනතාවට ඒවා පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව ද මෙහිලා වඩාත් අවධාරණය විය යුතු කාරණයකි. එනම් ඉල්ලුමට සරිලන ලෙස ආහාර නිපදවිම මෙන්ම ඒවා සැකසුම්කරණය, බෙදාහැරීම වඩාත් විධිමත්ව විය යුතු අතර ඊට සමගාමීව ආහාරවල ආරක්ෂිත බව උපරිමයෙන් තහවුරු විය යුතුය.
මේ වසරේ තේමාව වන්නේ “”නිරෝගී හෙටක් සඳහා සුරක්ෂිත ආහාර” යන්නයි.
ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම ආහාර සුරක්ෂිතතාව හමුවේ ආහාරවල ආරකෂාව අභියෝගයක් බවට පත්ව තිබේ. ලංකාවේ වත්මන් ආර්’ථික අර් දයට සමගාමීව ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය හමුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව වැඩි කතිකාවක් ගොඩ නැඟි තිබේ. සියලු දෙනාම තර්ක විතර්ක ඉදිරිපත් කරමින් පවසන්නේවැඩි වැඩියෙන් ආහාර නිෂ්පාදනය කර සුරක්ෂිතව තබා ගැනීම පිළිබඳවයි. නමුත්, ආහාර සුරක්ෂිත කිරීමට පමණක් උත්සුක වුවහොත් ආහාර වල ආරක්ෂාව හීන විම, ගිළිහියාම, නොසළකා හැරිම නිසා තවත් ජාතික අර්බුදයක් සිදු විමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිය. එවැනි තත්ත්වයක් තුළ ආහාර පරිභෝජනය කරන රටේ ජනතාව අත් වන ඉරණම කුමක්ද යන්න පිළිබඳව ආහාර සුරක්ෂිතා දිනය නිමිත්තෙන් අපි වැඩියෙන් අවධානය යොමු කළ යුතුව ඇත.