වැඩිම මතක ශක්තික් ඇති පිරිමි ළමයා ලෙස තුන් හැවිරිදි ෂම්ලාන් වාර්’තාවක් තබයි

0
403
NEWSNOW | –   Peoples Helping Foundation සමග එක්ව Cholan World Record Book Institute සංවිධානය කළ ලෝක වාර්’තා ඉසව්වකදී තුන් හැවිරිදි පිරිමි ළමයෙකු වාර්’තාවක් පිහිටුවා තිබේ.
ඡායාරූප 1098ක් හඳුනාගෙන ඒවා නම් කිරීමෙන් මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෂෆාන් සහ ෆාතිමා ඉෆාසාගේ පුත් මොහොමඩ් ෂම්ලාන් නම් තුන් හැවිරිදි පිරිමි ළමයෙකු මෙම
අංක, මල්, පලතුරු, පක්ෂීන්, සතුන්, ධාන්‍ය වර්’ග, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරගයන්, කෘමීන්, මාළු, සිංහල, ඉංග්‍රීසි, අරාබි භාෂා වල අක්ෂර, දේශපාලන නායකයන්, විවිධ වෘත්තීන්, ලෝක ප්‍රසිද්ධ කුළුණු, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික වීරයන්,ආහාර සහ ගෘහ උපකරණ වල රූප 1098ක් කටපාඩම් කිරීමෙන් මතක තබා ගැනීමේ හැකියාව මෙම දරුවාට තිවීම විශේෂත්වයකි.
මේ නිසා ඔහුට ලෝකයේ වැඩිම මතකයක් ඇති පිරිමි ළමයා යන නම ලැබුණි.
මේ අනුව මෙම ෂම්ලාන් දරුවාට වාර්’තාව පිහිටවූ බවට රාමු කළ සහතිකයක්, රන් පදක්කමක්, සමරු ඵලකයක් සහ හැඳුනුම්පතක් පිරිනමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here