වැඩ බලන නීතිපති හෙට දිවුරුම් දීමට සූදානම්

0
119

NEWSNOW | – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) දිවුරුම්දීමට නියමිතය.

ඒ අනුව ඔහු හෙට අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදායින් අවසන් විය.

මේ නිසා නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරිමට පියවර ගෙන තිබේ.

ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here