විජයදාස රාජපක්ෂට එරෙහි වාරණ නියෝගය යළි දීර්’ඝ කරයි

0
43

NEWSNOW | – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්’ඝ කරයි.

ඒ අද (25) කොළඹ දිසා අධිකරණය කළ නියෝගයකට අනුවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර

පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනුකිරීම සඳහා අධිකරණය විසින් කල්ලබා දුනි.

ඉන් අනතුරුව පැමිණිල්ල ජූලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අධිකරණය එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දිර්ඝ කරන ලෙසත් නියෝග කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here