ශ්‍රී ලංකාව යළිත් IMF නොයන බව ජනපති කියයි

0
66
NEWSNOW | – තමන් මෙතරම් වෙහෙසෙන්නේ නැවත කිසිදිනක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාමට අවශ්‍ය නොවන ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්’ථිකයක් රට තුළ ඇති කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ (26) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මීට පෙර අවස්ථා 16ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇති නමුත් ඒ සෑම වතාවක දීම ශ්‍රී ලංකාව අසාර්’ථක වී ඇති බවය.
“සුළු පිරිසක් අපේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. තවමත් කරනවා. නමුත් මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බෑ. අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහිවීමේ හේතුව මත තම තමන්ගේ දූදරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන්න සිදුවේවි. සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලනය නැත්නම් ඉස්කෝලේ දේශපාලනය. ඔවුන්ගේ දේශපාලනය ආර්’ථික හා රාජ්‍ය දැනුම ප්‍රාථමික පන්තියෙන් ඉහළට ගිහින් නෑ. වර්’තමානයේ මම ගන්නා පියවර නැවැරදියි කියලා තේරුම් ගන්න ඔවුන්ට තවත් වසර කිහිපයක් ගතවෙයි.
අපේ රට IMF සහාය ලබාගත් පළවෙනි වතාව මෙය නොවෙයි. මීට කලින් 16 වතාවක් අපි IMF සහාය ලබාගෙන තියෙනවා. ඒ හැමවතාවේ ම ශ්‍රී ලංකාව අසාර්’ථක වුණා. ඇයි? අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු කැඩුවා. අපේ රටේ ඉතිහාසයටම IMF වැඩ සැලැස්මක් සාර්’ථක වුණ මුල්ම අවස්ථාව තමා මේ. අවසානය මෙතෙන නොවෙයි. දැන් අපිට ජාත්‍යන්තර සහතිකයක් ලැබී තියෙනවා. යළිත් ජාත්‍යන්තර විශ්වාසය ලැබී තියෙනවා. අපි එයින් ප්‍රයෝජනය ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්’ණ සාර්’ථකත්වය ලබාගත්තොත් ආය කවදාවත් අපේ රටට IMF යන්න අවශ්‍ය නෑ. මම වෙහෙසෙන්නේ අන්න ඒ දේට. නැවත කිසිදිනක IMF යන්නේ නැතිවෙන ශක්තිමත් හා දියුණු ආර්ථිකයක් මේ රට තුළ ඇති කිරීමටයි මම වෙහෙසෙන්නේ.”
ද්විපාර්’ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණයහිමියන්ගේ කමිටුව සමග ප්‍රංශයේ පැරිස් නුවර දී ශ්‍රී ලංකාව එකඟත්වයට එළඹුණු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here