ශ්‍රී ලංකා ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානයේ 70 වැනි සංවත්සරය සහ වාර්’ෂික සාමාජික සමුළුව අද

0
71
NEWSNOW | – ශ්‍රී ලංකාවේ ආගමික, සමාජීය සහ ජාතික සුබසාධන කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ වාර්’ෂික සමුළුව සහ 70 වැනි සංවත්සර උත්සවය අද (29) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.
ශ්‍රී වල්පොල රාහුල පදනමේ අධ්‍යක්ෂ ගල්කන්දේ ධම්මානන්ද හිමි සහ  ජමාත්-ඊ-ඉස්ලාමි සභාපති Ash, M.H.M.Uzair Islahi මෙම අවස්ථාවට මුලසුන හොබවති.
එසේම මෙහි ගෞරවනීය ආරාධිතයින් ලෙස Jamiat Ulema හි ප්‍රධාන ලේකම්. Ash.Argam Noor Amit,
ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා, සර්’වෝදය සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, ජාතික සාම මණ්ඩලයේ සභාපති ආචාර්’ය ජහාන් පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්’ය මහාචාර්ය සුමති සිවමෝහන් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙම උත්සවය ඇමතීමට නියමිතය.
එසේම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම, පුෂ්පෝපහාර දැක්වීම ඇතුළු තවත් වැඩසටහන් රැසක් ද අද උදෑසන 9 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here