සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 49දෙනෙක් මරුට

0
132
NEWSNOW | – අනවසර සංක්‍රමණිකයන් 200කට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්’තා කළේ මෙම අනතුරින් 140 ක් අතුරුදන්ව ඇති බවයි.
මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය පැවසුවේය.
මෙම අනතුර සිදුවන විට බෝට්ටුවේ 260 කට ආසන්න පිරිසක් සිට තිබේ.
ඔවුන් වාර්’ගික සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් පණ බේරාගෙන ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් ආ වැසියන් බවයි තහවුරු වී ඇත.
මෙම පිරිස, කිලෝ මීටර් 320 ක දුරක් පා ගමනින් පැමිණ, පසුව ඒඩන් බොක්ක හරහා බෝට්ටුවකින් යේමනයට යෑමට උත්සාහ ගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here