සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත ජනපතිගෙන් හෘදයාංගම සුබ පැතුම්

0
33

NEWSNOW| –  හජ් උත්සවය ලෝක සාමය සඳහා ගැඹුරු පණිවිඩයක් ලබා දෙමින් සියලු ජනතාව අතර සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් පෝෂණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මනුෂ්‍යත්වයේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා සියලු දෙනා එක්වන අර්ථවත් හජ් උත්සවයක් සඳහා ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරන බව ජනාධිපතිතුමා හජ් උත්සවය නිමිත්තෙන් සිය පණිවිඩයෙන් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ හජ් පණිවිඩය:

“ආධ්‍යාත්මික හා ලෞකික සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා, පුද්ගලයන් ආත්මාර්ථකාමීත්වය අත්හැර පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් යුත් ජීවිතයක් වැළඳ ගත යුතුය. ඉස්ලාම් බැතිමතුන් සෑම වසරකම හජ් උත්සවය සමරන්නේ මෙම උතුම් අරමුණ පෙරදැරි කරගෙනය.

මෙම අවස්ථාවෙහිදී, ලොව පුරා සිටින මුස්ලිම්වරු මනුෂ්‍යත්වයේ බලාපොරොත්තුව මූර්තිමත් කරන වාර්ගික වටිනාකම් සඳහා යාඥා කිරීම සඳහා අරමුණින් එක්සත් වූ එකම නමස්කාර ස්ථානයකට රැස් වෙති. හජ් උත්සවය ලෝක සාමය සඳහා ගැඹුරු පණිවිඩයක් ලබා දෙමින් සියලු මිනිසුන් අතර සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් පෝෂණය කරයි.

මනුෂ්‍යත්වයේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා සියලු දෙනා එක්වන අර්ථවත් හජ් උත්සවයක් සඳහා ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන සමස්ත මුස්ලිම් ප්‍රජාවට මාගේ හෘදයාංගම ප්‍රාර්ථනා කරමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here