සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ඊදුල් අල්හා සුබ පැතුම

0
16

NEWSNOW| – අද දිනට යෙදෙන හජ් දිනය වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය සුබ පැතුම් පණිවිඩය නිකුත් කර තිබේ.

උපුටා ගැනීම…

අල්ලාහු අක්බර්! අල්ලාහු අක්බර්! අල්ලාහු අක්බර්!

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සියලු ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාවට ඉතා ප්‍රීතිමත් ඊද් අල්-අල්හා හජ් උත්සවයක් උදා වේවා’යි ප්‍රාර්ථනා කරයි.

නබි ඉබ්රාහීම් (අලහිස් සලාම්) තුමාගේ සහ එතුමාගේ සිය බිරිඳ සහ දරුවාගේ (අලහිස් මස්සලාම්) කැපකිරීම් සිහිපත් කිරීම සඳහා මහා කාරුණික අල්ලාහ් මෙම උතුම් දිනය අපට දායාද කොට ඇත. සිය පවුලේ කැපකිරීම් සමස්ත මානව සමාජයට ම නොමැකෙන මහඟු ආදර්ශයකි.

කැපකිරීම් හා පරිත්‍යාගයන් තුළින් ජීවිතයේ සාර්ථකත්වය වෙත ළඟා විය හැකි බව ඉස්ලාමය මෙයින් උගන්වයි. මන්ද යත්, රටකට සෞභාග්‍යමත් අනාගතයක් ළඟා කර ගත හැක්කේ තනි තනි පුද්ගලයන්ගේ, පවුල්වල සහ සමාජයේ කැප කිරීම් තුළිනි.

මහා කාරුණික අල්ලාහ්ගේ අණ ඉටු කිරීමෙහිලා පසුබට නොවූ පියෙකු සහ දරුවෙකුගේ පරිත්‍යාගය හා කැපකිරීම් විදහා පාන “උල්හියියා” පිළිවෙත සහ අනෙකුත් යහ ක්‍රියාවන් මෙම උතුම් දිනදී ඉස්ලාමයට අනුකූල ව ඉටු කළ යුතුය.

මේ අතර, මෙම උතුම් දිනය තුළින් අපට උගන්වන්නා වූ, මහා කාරුණික අල්ලාහ්ගේ අණට සම්පූර්ණයෙන් යටත් වීම, අල්ලාහ් කෙරෙහි වූ ආදරය, කැපකිරීම, පරිත්‍යාගය, ඉවසීම, තවක්කුල් නැමැති බාරවීම, ආදර්ශමත් ලෙස දරුවන් හදාවඩා ගැනීම යනාදී උසස් ගුණාංග අප තුළ ඇතිකර ගනිමින් දෙලොවෙහි ම විමුක්තිය ලබා ගනිත්වා!

අප රටේ සහ ගෝලීය වශයෙන් සාමය සමගිය ස්ථාපිත වී, විපතට පත් සියලු ජනයාගේ තත්ත්වය යථා තත්ත්වයට පත් වේවා’යි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ප්‍රාර්ථනා කරයි.

තක්බ්බලල්ලාහු මින්නා වමින්කුම්! ඊද් මුබාරක්!

උපුටා ගැනීම අවසන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here