ස්ටැටින්ස් ඔසු නිපදවීමට පුරෝගාමීවූ අකිරා එන්දො මිය යයි

0
59

NEWSNOW | –  හෘද රෝගීන් මිලියන ගණනකගේ දිවි බේර ගන්නා ස්ටැටින්ස් ඖෂධය නිපදවීමට පුරෝගාමීවූ ජපාන ජීව විද්‍යාඥ මහාචාර්’ය අකිරා එන්දෝ ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ඔහු මිය යන විට 90 වන වියේ පසු විය.

ඔහු පෙනිසිලින් සොයා ගැනීමේදීද පුරෝගාමී කාර්’ය භාර්’යක් සිදුකර ඇත.

ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං පෙනිසිලින් සොයා ගැනීමට දිරිමත් වී තිබෙන්නේ එන්දෝ කළ කැපවීම දුටු පසුවය. 1973 දී මහාචාර්’ය එන්දෝ විසින් මුලින්ම අහිතකර කොලෙස්ටරෝල් අවම කරන ඔසුව සොයා ගන්නා ලදී. මෙය ආඝාත රෝගීන් සඳහාද යොදා ගනියි.

අවාසනාවකට ෆ්ලෙමිංට මෙන් ඔහුට මේ සොයා ගැනීමට නොබෙල් ත්‍යාගය හිමි නොවිණි. ජීවිත මිලියන ගණනක් බේරා ගන්නා ඔසුවක් සොයා ගත් එන්දෝට එවන් සම්මානයත් හිමි නොවීම පිළිබඳ ඔහුගේ මරණයෙන් ශෝකයට පත්වෙන විද්‍යාඥයන් කනගාටුව පළකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here