හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

0
242
NEWSNOW | – හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත කොළඹ මහා අධිකරණය විසින් වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරේ.
ඒ ඇයට එරෙහිව පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළ චෝදනා 18කට කොළඹ මහාධිකරණය විසින් ඇයව අද (28) වරදකරු කිරීමෙන් අනතුරුවය.
පසුගිය 2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් වෙළෙඳසැලක සේවය කරමින් සිටි තරුණයෙකුව පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ද කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණි.
ඒ අනුව පැවති දීර්’ඝ නඩු විභාගයකින් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකාව වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here