රංගෙ බණ්ඩාරගේ පුතා යළි අත්අඩංගුවට

0
197

NEWSNOW | –  පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් ‍‍යශෝධ රංගේ බණ්ඩාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු ගමන්ගත් මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටී  ත්‍රීරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

මෙම අනතුර සිදුවී ඇත්තේ, අද අලුයම 4.30ට පමණ කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේදීය.

එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ගමන් ගත් මෝටර් රථය ගැටී තිබුණේ, ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයකය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පවසන්නේ, අනතුරට හේතුව තවමත් අනාවරණ වී නොමැති බවය.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සහ ත්‍රීරෝද රථයේ ගමන් කර ඇත්තේ, රියදුරන් දෙදෙනා පමණි.

අනතුර සම්බන්ධයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

මීට පෙරදීත් 2018 වසරේ සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන්  යශෝධ රංගේ බණ්ඩාර අත්රඅඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here