රුසියානු කුලී හමුදාවට එක්වීම සඳහා මෙරටින් ගිය ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු හෙළි වෙයි

0
81
Russian army soldiers attend an event marking the 80th anniversary of the break of Nazi's siege of Leningrad, (now St. Petersburg) during World War II at the monument of the Heroic Defenders of Leningrad, in St. Petersburg, Russia, Wednesday, Jan. 18, 2023. The Red Army broke the nearly 900-day blockade of the city on January 18, 1943 after fierce fighting. (AP Photo/Dmitri Lovetsky)

NEWSNOW | – රුසියානු කුලී හමුදාවට එක්වීම සඳහා මෙරටින් ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික සෙබළුන්ගෙන්  17 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් පිළිබඳ සොයාබැලීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය මෙරට දූත පිරිසේ සාමාජික පාර්’ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (29) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

යුද්ධයට එක්වූ 121 දෙනෙකු මේ වනවිට අතුරුදන්වී ඇති බවර ඔහු පැවසීය.

මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා බැලීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, දයාසිරි ජයසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

එහිදී ශ්‍රී ලාංකික දූත පිරිස රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සමග සාකච්ඡා පවත්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here