20යි 20 ලෝක කුසලානයේ අවසන් පුර්’ව වටයට දැනට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම්

0
137
NEWSNOW | – 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්’ව වටයට කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ.
ක්‍රීඩා මාධ්‍ය වාර්’තා පැවසුවේ මේ වන විට ඉන්දීය කණ්ඩාම, එංගලන්ත කණ්ඩාම, දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ අෆ්ගනිස්තාන කණ්ඩායම සුදුසුකම් ලබා ඇති බවයි.
මේ අතර අද (25) පැවති සුපිරි 8 දෙනාගේ තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 8ක ජයග්‍රහණයක් ලබාගනිමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම වාර්’තා අතරට එක්විය.
ඒ 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමක් අවසන් අවසන් පූර්’ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙසය.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්’ව වටයේ පළමු තරගය එළැඹෙන බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාණුව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත් වීමට නියමිතය.
එම තරගය මෙරට වේලාවෙන් උදෑසන 6.00ට ආරම්භ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here