2024 කෝඩ්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවළියේ ජය රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයට

0
55

NEWSNOW| –  ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධාන ශක්තියෙන් ”DIMO” සමාගමේ අනුග්‍රහකත්වය සහ නිල බැංකු සහකරු ලෙස ලංකා බැංකුව කටයුතු කරමින් තෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්විණි.

මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ගෝල්ෆ් ක්‍රීඩා සමාජ 4ක් වන ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය, වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජය හා නුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ සහභාගී වු අතර එහිදි ප්‍රසාද ලකුණු 308 ලබාගනිමින් සමස්ථ ශූරතාව දිනා ගැනීමට රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය සමත් විය.

මෙම තරගාවලියේ දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රිඩා සමාජයේ ගෘෘප් කැප්ටන් ක්‍රිශාන්ත ප්‍රනාන්දූ විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රිඩා සමාජයේ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න විසින්ද, දක්ෂතම ළගම පහරට සහ දුරම පහරට හිමි කුසලාන දෙකම (කාන්තා) රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ සදූනී වනසිංහ ක්‍රීඩිකාව විසින් දිනාගත් අතර තරගාවලියේ හොදම ලකුණු ලබාගත් ක්‍රිඩකයාට හිමි සම්මාන ලෙස වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රිඩා සමාජයේ අස්ලාම් මහතාද දිනා ගන්නා ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here