2024 ජාතික මිලාද් – දුන් නබි උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

0
121

NEWSNOW | – 2024 සැප්තැම්බර් මස 16 වැනිදාට යෙදී තිබෙන, ජාතික මිලාද් – දුන් නබි උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර අල්මකියා මුස්ලිම් මහා විද්‍යාලයේදී පැවැත්වීමට බලාපොරොත්තුවේ.

ඒ අනුව මෙම ජාතික ආගමික උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක් රත්නපුර දිස්ත්‍රික් මෞලවීතුමන්ලාගේ සහභාගීත්වයෙන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් (දිසාපති) වසන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්’යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාකර අවශ්‍ය තීන්දු තීරණ ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණවිය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ වන මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සෑම වසරකම ජාතික මිලාද් – දුන් නබි උත්සවය උත්කර්’ෂවත් අයුරින් පවත්වනු ලබයි.

මෙම සාකච්ඡාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආගමික කටයුතු) එච්.එම්. කුමාරි, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අසංක රත්නායක, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන් වන අලා අහමඩ්, එන්. නිලූෆර් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගීවූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here