IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් පහළ දමයි

0
806
NEWSNOW | – ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහළ දැමීම සමඟ අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්’ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 344කි.
ඔක්ටේන් 95 වර්’ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල්‍ 41කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 379කි.
එසේම ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, එය රුපියල් 314ක්ව පවතී.
සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 22කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 355කි.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පියවර ගෙන තිබුණි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්’ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 344ක් වේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 41කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 379ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.
මීට අමතරව ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 22කින් පහත දමා තිබේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 355ක් වේ.
කෙසේවෙතත් ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 317කටත් ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 202කටත් අලෙවි වනු ඇත.
ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here