එඩේරමුල්ලේදී පියා සහ දුව දුම්රියට බිලි වෙයි

0
555

NEWSNOW| – එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබේ.

එම අනතුරින් පිය සහ දියණිය මියගොස් ඇති බව වාර්’තා වේ.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 54 බියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ අවුරුදු 34 ක කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක බව පොලිසිය පවසයි.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය කළ සීඝ්‍රගාමී දුම්රියක මෝටර් රථය හැපී ඇත.