NEWSNOW| – පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය ජය ගත්තේය.
ඒ පන්දු වාර 19 කදී ලකුණු 125ක් ලබා ගනිමිනි.
කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 දැවී ලකුණු 124 ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 125කි.